top of page
Search

මම මහාමායා දේවී නම් වෙමි

  • Writer: Sahitha Poth Piyasa
    Sahitha Poth Piyasa
  • Jul 21, 2020
  • 1 min read

”අනේ දෙව්දත්”, ”මම යසෝදරා”, ”ගැහැණු කවුරුද?” යන ”පන්සිය පනස් ජාතකයෙන් ගිහි ගෙදරට බණ දහම” පොත් පෙළෙහි සිව්වැන්න ”මම මහාමායා දේවී නම් වෙමි” (දීපංකර පාද මූලයේ සිට මාතෘ දිව්‍ය පුත‍්‍රයාණන් දක්වා* කෘතිය නොබෝදා (ජූලි මාසයේ* ජනගත කෙරිණ.


ree

”සාහිත පොත් පියස” හි නවතම ප‍්‍රකාශනයක් වන මෙහි එදා මෙදා තුර මහාමායා දේවිය පිළිබඳ වන කථාංග රැසක් සරලව සංක්‍ෂිප්තව විස්තර කර තිබේ. මේ කල්පය තුළ ලොව පහළ වූ අති උත්තම මව් පදවිය දැරූ මහාමායා දේවිය තමන් විසින් ම ස්වකීය ස්වයං චරිතාපදානය පවසන පරිදි මෙය රචනා කර ඇත.


‘පෙර බුදුවරුන්ට මව් පදවි දුන් - පිනැත්තියෝ’, ‘මම බෝසත් මෑණියන් ද වූයෙමි’, ‘සිදුහත් නමින් උපන් ගෞතම බුදුන්ට ද මව් වීමි’ සහ ‘දෙව්පුර සිට මම දුටු දේ ඔබට කියමි’ යන පරිච්ෙඡ්ද යටතේ සිතුවම් සහිතව, රසවත්ව සම්පාදිත ”මම මහාමායා දේවී නම් වෙමි” ග‍්‍රන්ථය නිවසට ම ගෙන්වා ගැනීමට ද හැකි බව ‘සාහිත’ ප‍්‍රකාශකයෝ පවසති.


 
 
 

Comments


791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page