බුදු වෙන්න පෙරුම් පිරූ - ආනන්ද මෛත්‍රෙය නාහිමි ''ආශ්චර්ය අත්දැකීම්''
- Sahitha Poth Piyasa
- Jul 10, 2020
- 1 min read
Updated: Jul 17, 2020
ප‍්‍රවීණ මාධ්‍යවේදී අජිත්ලාල් ශාන්තඋදය විසින් ‘ඉරිදා ජාතික පුවත්පතකට’ සතිපතා ලියන ලද ජනප‍්‍රිය ලිපි මාලාවෙහි පළමු ලිපි දොළහ (12) සහ වෙනත් ලිපි ඇසුරින් ”බුදු වෙන්න පෙරුම් පිරූ - ආනන්ද මෛත්‍රෙය නාහිමි - ආශ්චර්ය අත්දැකීම්” (ඉසිවර ගමන) විමර්ශන ග‍්‍රන්ථය සම්පාදනය කර තිබේ.

”සාහිත පොත් පියසෙ”හි නවතම ප‍්‍රකාශයක් වන මෙහි ”එදා උපාසකයා මෙදා බෞද්ධයා වූ හැටි”, ”පන්සිල් කුමට ද?”, ”භික්‍ෂුවට දේශපාලනය අකැපයි ද?”, ”දෙවියන් යනු මනඃකල්පිතයක් ද?”, ”භාවනාවට බාධා කරන මාරයා”, ”සිත දියුණු කර පෙර භවය හා පරසිත් කියැවූ අනඳ හිමි”, ”භාවනාවල වෙනස්කම් හා හාස්කම්”, ”සියවසක අත්දැකීම්” මෙන්ම ”විල හැර ගිය හංස රාජයා මෙන් වැඩසිටි තැන් උන්වහන්සේ අතහැර ගියහ” යනාදී ලිපි අන්තර්ගත වේ. තවද, ආනන්ද මෛත්‍රෙය නාහිමියන් විසින් ”පුනරුප්පත්තිය” පිළිබඳව ලියන ලද වටිනා ලිපියක් ද මෙහි උපග‍්‍රන්ථයට ඇතුළත් කර ඇත.
ශාස්ත‍්‍රපති ඌව කොස්ගම විනීත හිමියන් සහ ශාස්ත‍්‍රපති ගලගම ශාන්තජීව හිමියන් පෙරවදන හා පසුවදන මෙම ග‍්‍රන්ථයට ලියා ඇති අතර සියලූ සැදැහැවතුන්ට වට්ටම් සහිතව විශේෂ අඩු මිලට ග‍්‍රන්ථය නිවසට ම ගෙන්වා ගැනීමට ද හැකි බව ද ”සාහිත” ප‍්‍රකාශකයෝ පවසති.
Comments