top of page
සුගතිය සහ නිවන​

සුගතිය සහ නිවන​

Book Details

ISBN: 978-955-0822-88-1

සුගතිය සහ නිවන​


Author: Galkisse Somananda Thero

Compiler: Indu Perera

Publisher: Sahitha Poth Piyasa

Language: Sinhala

  • Book Description

    ”සෝම හිමි අප‍්‍රකට ලිපි”, ””ගිහි දිවියට දම් වැස්සක්”, නිවන් මගට පහන් වැටක්”, සහ ”නිවනින් නිවෙන මග” ආදී ජනප‍්‍රිය බෞද්ධ ග‍්‍රන්ථ රැසක් සම්පාදනය කළ ”රැජින” පත‍්‍රයේ ප‍්‍රධාන කර්තෘ ඉන්දු පෙරේරා ලියූ කෘතිය ”සුගතිය සහ නිවන” නම් වේ.
    මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී, විචිත‍්‍ර ධර්ම කථික පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද හිමියන් සමග කළ සාකච්ඡුා ඇසුරෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත. ඉමහත් ජනාදරයට පත් ගුවන්විදුලි රූපවාහිනී ධර්ම දේශකයන් වහන්සේ නමක වන පූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද හිමියන්ගේ ප‍්‍රථම ග‍්‍රන්ථාවලෝකනය වීම ද මෙහි විශේෂත්වයකි.
    මෙම කෘතියේ සුගතියට හා නිවනට ඍජුව ම ඉවහල් වන ධර්ම කාරණා සරලව රසවත්ව ඉදිරිපත් කර තිබේ. මේ යටතේ ‘නිවන් මගට යොමු වීම’, ‘තම සිතිවිලි නිවැරදි කිරීම’, ‘මාංශ අනුභවය නිවනට බාධාවක් ද?’, ‘ප‍්‍රාර්ථනා අධිෂ්ඨාන සඵල කර ගැනීම’, ‘සුගතිගාමී වීම හා නිර්වාණගාමී වීම’, ‘සංසාර රෝගය’ මෙන්ම ‘සුගතියක නැවත උපදිනවා ද? සසර ගමන නතර කරනවා ද?’ යනාදී මාතෘකා රැසක් විස්තර කෙරේ.

₨250.00Price
Quantity

791, Maradana Road, Colombo 10.

011 - 5 24 54 77

Hotline: 077 59 77 127

Whatsapp: 071 44 14 817

Subscribe Form

  • facebook
  • twitter
  • youtube

©2021 by Sahitha Poth Piyasa. Proudly created with Wix.com

bottom of page