නිවන දුර නොවේ
Book Details
ISBN: 978-955-3465-19-1
නිවන දුර නොවේ
(යෝගී භික්‍ෂුවකගේ ධර්ම විග්‍රහය)
Author: Dharma Dendanayaka
Publisher: Sahitha Poth Piyasa
Language: Sinhala
Book Description
වනගත ආරණ්‍ය සේනාසනයක අප්‍රකට යෝගාවචර භාවනායෝගී භික්‍ෂුවක විසින් විග්‍රහ කරන ලද දහම් කාරණා ඇසුරින්, මෙම සංවාදශීලී ග්‍රන්ථය සම්පාදිත කෙරිණ.
මෙහි වනවාසී “සීල භාවනා” වැඩසටහනක දී “නිවන” අරභයා කළ බුද්ධ දේශනා මාලාවක් විස්තර කර ඇත. මේ යටතේ, “නිවනට ඉවහල් වන භාවනා ක්‍රම”, “බෝධි පාක්‍ෂික ධර්ම”, “නිවනට උපකාරී වන ප්‍රතිපදා අංග”, “සිව්පිළිසිඹියාපත් ඥාන”, “මෙතේ බුදුන් නොදැක නිවන් දැකිය හැකි ද?”, “ප්‍රාර්ථනාවෙන් ලැබෙන විමුක්තිය”, “සසර දුක නැති කළ හැකි ආකාරය” සහ “ආමිස ප්‍රතිපත්ති පුජා” යනාදී මාතෘකා රැසක් සරලව නිරවුල්ව පැහැදිලි කර තිබේ.
මේ ඝෝර භයංකර අනවරාග්‍ර සංසාරයේ ගමන් කරන හැමට විවිධ රෝග, වසංගත, මරණ බිය නිරතුරුව උරුම වූවක් බැවින් නිවැරදිව එයින් මිදීමේ මග සලකුණු ඉදිරිපත් කර ඇත.